ශ්‍රී ලංකා ජනගහනයෙන් මිලියන 8.6 ක් ගැන විශේෂ හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 8.6ක් පමණ ආර්ථික වශයෙන් අක්‍රිය බව "ශ්‍රී ලංකා ශ්‍රම බලකා සංඛ්‍යාලේඛන පිළිබඳ 2025 පළමු කාර්තුව වාර්තාව" මගින් හෙළි වී තිබේ.
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, මෙම ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනයෙන් 72.4%ක් කාන්තාවන් වන අතර, 27.6%ක් පිරිමින්.
2025 පළමු කාර්තුව සඳහා සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 49.7%ක් වන අතර, මෙහි පිරිමි සහභාගීත්වය 70.1%ක් ද, කාන්තා සහභාගීත්වය 32.0%ක් ද ලෙස වාර්තා වී තිබෙනවා.
සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන්ට වඩා පිරිමි සහභාගීත්වය ඉහළ අගයක් ගන්නා බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. එසේම 2025 පළමු කාර්තුව වන විට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 8.5ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්ත පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 8.1ක් ලෙස ගණන් බලා තිබේ.
මෙම සේවා නියුක්ත පුද්ගලයන්ගෙන් මිලියන 1.3ක් රාජ්‍ය සේවකයින් වන අතර, මිලියන 3.8ක් පෞද්ගලික අංශයේ සේවකයින් වේ.