ජනපති වරප්‍රසාද අහෝසි කිරීම අපේ මැතිවරණ පොරොන්දුවක්,අපි ඒක කළා - හදුන්නෙත්ති
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ විශේෂ අයිතිවාසිකම් අහෝසි කිරීමේ පනත පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ අනුව එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු කොට අනිත් සියලුම දෙනා නිල වශයෙන් තමාට හිමි වූ සියලු දේ රජයට භාරදේම සිදුවිය.
මේ සමගම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ විශේෂ අයිතිවාසිකම් අහෝසි කිරීම ගැන පුදුම විය නති බවත්, එය ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් පමණක් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
රජය එය නොකළේ නම් පමණක් ජනතාව කලබල විය යුතු බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය මැතිවරණ පොරොන්දුවක් දුන් බවත් එහිදී සිය රජයක් යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ විශේෂ අයිතිවාසිකම් ඉවත් කරන බව කී බවත් ඒ අනූව දැන් එය ඉටුකර තිබෙන බවයි මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා පැවසුවේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,
" මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් කරදර විය යුතු නෑ. අපි කරන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම පමණයි. ඔවුන් එය දැන සිටියානම්, මීට පෙර නිල නිවාසවලින් පිටවිය යුතුව තිබුණා. එය මැතිවරණ පොරොන්දුවක් පමණක් බව ඔවුන් සිතුවානම් එය වරදක්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණය ඉලක්ක කරගත් එකක් පමණක් නොවෙයි. මේ රට දියුණු කරන්න ජනතාව සමග අපගේ ගිවිසුමක් තියෙනවා. ඒ නිසා කිසිවෙකු පුදුම විය යුතු නැහැ. අපි එය නොකළේ නම් තමයි ජනතාව කලබල විය යුත්තේ"
යනුවෙන් අදහස් දක්වා ඇත.