අප්‍රේල් 20 දක්වා මේකයි - අවුරුදු සමරන්නවත් වතුර නැතිවෙයි වගේ - ජනතාව අවදානයෙන් පරිහරණය කරන්න

Report

පවතින වියළි කාලගුණයත් සමග ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමටත්, ඇතැම් ප්‍රදේශවලට පැය කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ. දැනට කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජලය සපයන කලටුවාව සහ ලබුගම ජල පරිමාව ද පහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ඊට අදාළව ජනතාව දැනුම්වත් කිරීම සඳහා අද උදෑසන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණි. එමෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරයා විසින් පානීය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ චක්‍ර ලේඛයක් - දඬුවම් කළොත් නීතිමය පියවර

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ චක්‍ර ලේඛයක් - දඬුවම් කළොත් නීතිමය පියවර

පවතින වියළි කාලගුණය හේතුවෙන් ශීඝ්‍රයෙන් සිදෙමින් පවතින ජල මුලාශ්‍ර සහ එමඟින් සීමාවෙමින් පවතින නිෂ්පාදන ධාරිතාවය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ජල නිෂ්පාදනය සහ බෙදා හැරීම නිරීක්ෂණය කිරීමට මෙන්ම පාලනය කිරීම අරමුණෙන් අදාළ විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත මෙම විශේෂ මෙහෙයුම් කමිටුව පත්කර ඇත.

හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල

හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල

මෙම කමිටුව මඟින් අදාළ ජල මුලාශ්‍රවල පවතින ගැටලු, ජල නිෂ්පාදන ධාරිතාවයන් සහ සැපයුම් රටාවන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනාගත් කාල රාමු තුළ දිනපතා, සතිපතා තත්ත්වය සමාලෝචනය කිරීම සිදුකෙරේ. ඒ අනුව පවතින තත්ත්වයන් පිළිබඳව කළමනාකරණ වාර්තා ඉදිරිපත් කිරීමට මෙන්ම අදාළ අංශ අතර සම්බන්ධීකරණය සාර්ථක ලෙස සිදුකරමින් ප්‍රමාණවත් ජල සැපයුමක් සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වෙන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙමඟින් ඉදිරියේදී දෛනිකව දිගු කාලයන් සඳහා ජල සැපයුම් අත්හිටුවීම වළක්වා ගැනීමට මෙන්ම සියලුම පාරිභෝගිකයන් හට තම දෛනිකව අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන පරිදි ලබන අප්‍රේල් 20 දක්වා ජලය බෙදාහැරීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීමට පියවර ගනු ලබන අතර, සිඳී යන ජල මූලාශ්‍ර යථා තත්ත්වයට පත් වන තුරු මෙම කමිටුව ක්‍රියාත්මක වේ.

ප්‍රබල දේශපාලනඥයෙකු මහින්ද අභාවප්‍රාප්ත වේ

ප්‍රබල දේශපාලනඥයෙකු මහින්ද අභාවප්‍රාප්ත වේ

තවදුරත් පවතින වියළි කාලගුණය හේතුවෙන් සීමා වෙමින් පවතින ජල නිෂ්පාදන ධාරිතාවය මත ඉදිරියේදී පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමටත්, අවශ්‍ය අවම ප්‍රශස්ත මට්ටමින් හෝ සේවාව පවත්වාගෙන යාමටත් පාරිභෝගිකයන් විසින් අත්‍යවශ්‍ය ම කටයුතුවලට පමණක් ජලය භාවිතා කිරීමෙන් සහයෝගය ලබාදීම මේ මොහොතේදී අත්‍යවශ්‍ය වන අතර එය අගය කොට සලකන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.