කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට වතුර කපනවා - අද රෑ 8 සිට පැය 24ක ජාල කප්පාදුවක්
අද (02) රාත්‍රී 8.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශ සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් SMS පණිවිඩයක් මගින් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙනු ලැබේ. එසේම මෙම ජල කප්පාදුව පාදුක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන අතර, එය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.
කලටුවාව සහ ලාබුගම ජලාශවලට එල්ල වන පීඩනය අවම කිරීම මෙම සීමාවන් පැනවීමේ අරමුණයි.
ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය.
නැවතත් අප්‍රේල් මස හත්වෙනිදා පාදුක්කට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ. අප්‍රේල් මස තුන්වෙනිදා රාත්‍රි 8.00 සිට හතරවෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කරනු ඇත.
එම ප්‍රදේශයට දින හතරක් අඛණ්ඩව සැපයීමට පියවර ගන්න බව දිස්නා පන්නිල මහත්මීය ප්‍රකාශ කළාය. අප්‍රේල් මස හතරවෙනිදා රාත්‍රි 8.00 සිට පස්වෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.