ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

Report

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද මෙම නියෝගය නිකුත් කළේය.

රටේ ඉන්ධන මිල ස්ථාවර කිරීමට රජය තීරණයක් - නව නීතියක් අනුමත වේ

රටේ ඉන්ධන මිල ස්ථාවර කිරීමට රජය තීරණයක් - නව නීතියක් අනුමත වේ

සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

ඒ අනුව, සැකකාර කපිල චන්ද්‍රසේන මහතා එළඹෙන අප්‍රේල් මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය. මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකය.

චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වරෙන්තු නිකුත් කෙරේ

චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වරෙන්තු නිකුත් කෙරේ