මැයි 18 ශ‍්‍රී ලංකාවට ප්‍රහාරයක්?..ඉන්දීය බුද්ධි අංශ පවසයි..දැඩි විමසිල්ලෙන් සිටින්න..

By Aruna May 14, 2022 11:06 PM GMT
Report

ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති වීම මත ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටමි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මත දෙවතාවක් හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කර ඇති නිසා ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.

මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව අවධාරණය කරයි.

දැනටමත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළත් වී ඇති බවත් ඒ හේතුවෙන් තමිල්නාඩු වෙරලබඩ පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවත් වාර්තාවක් වැඩි දුරටත් කියා සිටියි.

අදාළ වාර්තාව මෙතනින් බලන්න?.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now