කොරෝනා නිසා තවත් දරුණු රෝගයක් මතුවෙයි..මරණ ගණනත් ඉහළ යයි.
Covid
Sri Lanka
Healthy
Dengue fever
Maleria
By Aruna
කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් අඩාල වීම නිසා පසුගිය 2020 වසරේදී ලොව මැලේරියා මරණ සංඛ්‍යාව 69,000කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. 2019 වසරේදී මැලේරියා රෝගයෙන් මිය ගිය ලෝකවාසීන් සංඛ්‍යාව පන්ලක්ෂ 58,000ක්.
එහෙත් පසුගිය වසරේදී එය හයලක්ෂ 27,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් බහුතරයක් අප්‍රිකාවේ දුප්පත්ම රටවල ළදරුවන් බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මැලේරියා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
මෙලෙස ඉහළ ගිය මරණවලින් තුනෙන් දෙකකටම හේතු වී ඇත්තේ කොරෝනා සංචරණ සීමා හේතුවෙන් මැලේරියා වැළැක්වීමේ, රෝග විනිශ්චය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාමාර්ගවලට බාධා ඇතිවීමයි.
කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් ද මේ වන විට අප්‍රිකානුවන් දෙලක්ෂ 24,000ක් පමණ මිය ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |