අවුරුද්දට සතුටුදායක ආරංචියක් - ළගම තියෙන සතොසෙන් සහ සමූපකාරවලින් ලබා ගන්නත් පුලුවන්..
india
sri lanka
rice
Sri lanka sinhala news
today trending news
Port of colombo
By krishani
ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් කොළඹ වරායට ළඟා වී තිබේ.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අතර පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 7000 ක් හා සුදු කැකුළු මෙට්‍රික් ටොන් 2000 ක් වන බවයි.
එම සහල් අද(13) සිට සතොස හා සමූපකාර අලෙවිසැල් වෙත බෙදා හැරෙනු ඇති.
ඒ අනුව පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 110 ක මිලකටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
සහල් තොගයේ තවත් අධියරක් ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබීමට නියමත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |