ලංකාවේ වැඩිහිටියන්ට වැළදෙන දරුණු රෝගයක් - අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% ක් රෝගයට ගොඳුරු වෙලා

Report

කායික රෝග විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන මහතා ජාතික දියවැඩියා දිනයට සමගාමිව අදහස් දක්වමින් පැවසුවේ මෙරට වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% කට දියවැඩියාව වැලඳී ඇති බව පර්යේෂණ වලින් හෙළි වූ බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ජනගහනයෙන් 30% ක් පමණ පිරිසක් තමන්ට දියවැඩියාව ඇති බව හෝ තමන් පූර්ව දියවැඩියා අවධියේ පසුවන බව නොදැන සිටීම බරපතළ ගැටලුවක් බවයි.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

එමෙන්ම කායික රෝග විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම නිසා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට දැඩි හානි සිදුවන බවයි.

එමෙන්ම දියවැඩියා රෝගීන් 100 දෙනෙකු ගතහොත් ඉන් 54 දෙනෙකුටම තම ජීවිත කාලය තුළ වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම පවතින අතර රෝගීන්ගෙන් 20% කට ආසන්න පිරිසකට හෘදයාබාධ සහ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

දියවැඩියාව හේතුවෙන් ඇස් අන්ධ වී රෝහල්ගත වන බහුතරය වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර දියවැඩියා රෝග තත්ත්වයේ ඇති බරපතළකම වන්නේ පෙනීම අහිමි වන තුරුම රෝගියාට කිසිදු පූර්ව රෝග ලක්ෂණයක් නොදැනීම බව කායික රෝග විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන මහතා පැවසුවේය.

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි