මේ ක්ෂේත්‍රයේ අයට උපාධි ඇතුළු උසස් අධ්‍යයන කටයුතු සඳහා විශේෂ ශිෂ්‍යත්වයක්

By Mithu Nov 14, 2026 05:16 AM GMT
Report

මෙරට ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් 161 දෙනෙකු වෙනුවෙන් “ඇසිදිසි ජනමාධ්‍ය” සහ “ඇසිදිසි තාක්ෂණික” ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (14) සිදු කෙරේ.

ඒ සඳහා රුපියල් මිලියන 54.3ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරමින් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

2026 වර්ෂයට අදාළ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ 10, ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

රට පුරා පනවා තිබූ ගුවන්ගමන් තහනම ඉවත් කෙරේ - ගුවන්ගමන් 4,700කට වඩා අවලංගුයි

රට පුරා පනවා තිබූ ගුවන්ගමන් තහනම ඉවත් කෙරේ - ගුවන්ගමන් 4,700කට වඩා අවලංගුයි

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව සැලසේ.