ජලභිතිකා මර්දනයට රුපියල් බිලියන 5ක්
ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය පාලනය කිරීම සහ මර්දනය කිරීමේ කටයුතු වෙනුවෙන් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 5කට අධික අතිවිශාල මුදලක් වැය කරනු ලබන බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි.
ජලභීතිකා රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සතුන්ට ලබාදෙන එන්නත්, රෝගීන්ට ලබාදෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර සහ ඒ ආශ්‍රිත දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මෙම වාර්ෂික ප්‍රතිපාදන වෙන් කෙරේ.