රාත්‍රියේ දී හමු වූ සැකකටයුතු මල සිරුරක්
බඩල්ගම පොලිස් වසමේ ස්ටාර්වන්න, ආඩිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මියගොස් සිටින බවට බඩල්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ආඩිමුල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 42ක් වූ පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය දැනට පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති අතර, ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) දින සිදු කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.