ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, වෙලේ සුදාගේ ඇපෑල විසි වෙයි - මරණීය දණ්ඩනය තහවුරු කරයි

Report

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අද (01) දින හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් ඔහුට පනවන ලද මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇත.

මෙම නියෝගය මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කර තිබෙනවා.

ඉකුත් 2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වෙලේ සුදා වරදකරු විය.

බැඳුම්කර නඩුවේ හදිසි පෙරළියක් - රවී කරුණානායක සහ අර්ජුන මහේන්ද්‍රන් නිදහස් කිරීම වැරදි බව තීන්දු කරයි

බැඳුම්කර නඩුවේ හදිසි පෙරළියක් - රවී කරුණානායක සහ අර්ජුන මහේන්ද්‍රන් නිදහස් කිරීම වැරදි බව තීන්දු කරයි

ඒ හේතුවෙන් ඉකුත් 2015 වසරේ ඔක්තෝබර් මස 14 වන දින කොළඹ මහාධිකරණය විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

ඒ එවකට මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින්.

අනතුරුව මහාධිකරණ තීන්දුවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ඉල්ලා විත්තිකරු මුලින්ම අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබූ අතර එය අභියාචනාධිකරණය මඟින් නිෂ්ප්‍රභා කර ඇත.

පසුව මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු දෙකම ඉවත දමා තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන මෙන් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අවසන් අභියාචනය යොමු කර තිබුණා.

අත්අඩංගුවට ගත් බව කිව්ව ශිරාන් බාසික් ඇත්තටම අත්අඩංගුවට ගෙන නෑ..ආනන්ද දන්වයි

අත්අඩංගුවට ගත් බව කිව්ව ශිරාන් බාසික් ඇත්තටම අත්අඩංගුවට ගෙන නෑ..ආනන්ද දන්වයි

ඒ අනුව අද (01) දින මෙම ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ විටදී අභියාචක විත්තිකාර වෙලේ සුදා සඳහා ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු ඉදිරිපත් කළා.

එහෙත් නීතිපතිවරයා සඳහා පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය එම අභියාචනයට දැඩි වශයෙන් විරෝධය පළ කරමින් කරුණු දක්වා සිටියා.

ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් එය විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර වහාම නිෂ්ප්‍රභ කිරීමට නියෝග ක‍ර ඇත.  

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට