සියලුම ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක් - මේ දේට අනිවාර්යෙන් යන්න

Report

ශ්‍රී ලංකාවේ සියලුම මාතෘ සායන මට්ටමින් ක්‍රියාත්මක වන "ත්‍රිත්ව තුරන් කිරීමේ" විශේෂ සෞඛ්‍ය වැඩසටහන ජූනි 01 දින සිට සාර්ථකව ආරම්භ කර තිබේ.

මෙම නව වැඩසටහන යටතේ දිවයිනේ ඕනෑම රජයේ මාතෘ සායනයකට පැමිණෙන සියලුම ගැබිනි මව්වරුන් සඳහා, ඔවුන්ගේ රුධිරයේ හෙපටයිටීස් - බී වෛරසය පවතීදැයි සෙවීම සඳහා වන විශේෂ රුධිර පරීක්ෂාව නොමිලේ සිදු කරනු ලබයි.

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය  සහ උපදංශය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වන රුධිර පරීක්ෂණ "ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහනක්" ලෙස කලක පටන් ලංකාව තුළ ක්‍රියාත්මක විය.

එම වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන් මවගෙන් දරුවාට HIV සහ උපදංශය බෝවීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල සහතිකය ශ්‍රී ලංකාවට හිමිවිය.

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - තෙල් මිල තවත් වැඩි වේ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - තෙල් මිල තවත් වැඩි වේ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

එතැන් පටන් අඛණ්ඩව එම විශිෂ්ට සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාම පිළිබඳවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීම ලංකාවට ලැබී තිබේ.

මෙතෙක් පැවති HIV සහ උපදංශ පරීක්ෂණවලට අමතරව, අද සිට හෙපටයිටීස් - බී වෛරසයද මෙම සායනික පරීක්ෂණ ජාලයට ඇතුළත් කර ඇත.

මෙමඟින් මවගෙන් උපදින දරුවාට මෙම භයානක රෝග තුනම වැළඳීමේ අවදානම සහමුලින්ම තුරන් කර, නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම රජයේ අරමුණයි.