ලංකා ප්‍රිමියර් ලීග් 20-20ට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය අද සිට ඇරඹේ.

Sport Sri Lanka c8 Sri Lanka premier league
By Aruna Jun 21, 2021 02:51 AM GMT
Aruna

Aruna

Report

2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද(21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

එල්.පී.එල්. තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීම සඳහා විදෙස් ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වනවා.

එහිදී ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම, නැතහොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, නැතහොත් පූර්ණ සාමාජික මණ්ඩල තරඟාවලිවල ප්‍රධාන විස්සයි විසස තරඟාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරඟාවලියක් හෝ ක්‍රීඩාකර තිබිය යුතුයි.

එම ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha