ශ්‍රී ලංකාව 99 න් උගුලකින් බේරෙයි..නැතිනම් වෙන්න ගිය දේ මෙන්න.
Sri Lanka
Loan
Ajithi niwadkabral
By Aruna
ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.
අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ සඳහන්ය.
කෙසේ වෙතත් තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.
Bloomberg වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
