විත්ති කූඩුවට රැගෙන යමින් සිටි රැඳවියෙකු පලා යයි.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 29, 2023 07:00 AM GMT
krishani

krishani

Report

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විත්ති කූඩුවට රැගෙන යමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

එම රැඳවියා ඊයේ (28) අධිකරණ ශාලාවේ ජනේලයකින් මෙලෙස පැනගොස් ඇත්තේ.

47 හැවිරිදි බද්දේගම ප්‍රදේශයේ පදිංචි ඔහු මත්ද්‍රව්‍ය හා සොරකම් සිදුකිරීමේ චෝදනාවලට අදාළව බන්ධනාගාර ගත කර ඇත්තේ.

ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය නඩු 30ක් පමණ අධිකරණවල විභාග වන බව පොලීසිය පවසයි.

පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් පමණ යොදවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join