පොහොට්ටුවේ අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි..විශාල පිරිසක් සමග කරන්න යන දේ..

Sri Lanka Politician
By Aruna Apr 20, 2022 11:31 PM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට කලකිරීමෙන් පසුවන බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ අවසන් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වය බවයි පැවසෙන්නේ.

තරුණයන්ට පමණක් ඇමති තනතුරු ලබා දෙන බව පැවසුවද මීට පෙර අමාත්‍ය ධුර දැරූ පිරිසකටද ඇමති තනතුරු ලබාදීම මූලිකව මෙම මතභේදය උග්‍ර වී ඇත.

එමෙන් ම ධුරවලින් ඉවත් කර පිරිස් පවසන්නේ මේ හේතුවෙන් සමාජය ඉදිරියේ තමන් අකාර්යක්ෂම හා දූෂිත පිරිස් ලෙස නම් වී ඇති බවයි.

ජනාධිපතිවරයා නව අමාත්‍ය මණ්ඩලය අමතමින් කළ කතාවෙන්ද තමන් වරදකරු යයි මහජනතාව සිතන බව ද ඇතැමුන්ගේ අදහසයි.

මේ හේතුවෙන් හිටපු අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබුණ ද ඔවුන්ට නායකත්වය දීමට සිටි හිටපු අමාත්‍යවරයකු වූ තවමත් ආණ්ඩුවෙන් වෙන්වීම ගැන තීරණය ගැනීම ප්‍රමාද කරමින් ඇතැයිද දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now