විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය සේවකයන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සැළසුම්
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සාමාන්‍ය පරිපාලන නීතිරීතිවලින් බැහැරව අයුතු ලෙස ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම සංගමය විසින් අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සැලසුම් කර තිබේ.
මෙම සිදුවීමට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග සහ හෙට (20) දිනයේ සිට දීප ව්‍යාප්තව වැඩ වර්ජනය ආරම්භ කරන්නේද යන්න පිළිබඳව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.