අද පස්වරු 5.00ට ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිත සුවිශේෂී දේ මෙන්න...

Sri Lanka Parliament Political Mahinda yapa Mahinda Rajapakshe Gotabaya Rajapakshe 2022 budget
By Aruna Dec 10, 2021 04:03 AM GMT
Aruna

Aruna

Report

2022 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එහි දී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හිමි වුණා. විරුද්ධ ව හිමිවූයේ ඡන්ද 60ක් පමණයි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now