පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ හා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පත් කෙරේ - නම් ලැයිස්තුව මෙන්න
පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා, මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නම් ඇති අතර නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ විසින් අද (29) එම නම් පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
ඒ අනුව, ඒ අනුව කපිල අතුකෝරල, සු. නෝගරාදලිංගම්, සෙල්වරාජා කජේන්ද්‍රන්, වරුණ ලියනගේ, තිසකුට්ටි ආරච්චි, එම්. උදයකුමාර්, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, මේජර් සුදර්ශන දෙනිපිටිය, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර, කුමාරසිරි රත්නායක, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ඩී. වීරසිංහ, සහ මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට තිබෙනවා.
එමෙන්ම ,මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා, මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.
ඒ අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා ඉම්තියාස් බාකීර් මාකර්, ජගත් පුෂ්පකුමාර, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ්, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර, සාරතී දුෂ්මන්ත, ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ, මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන, වේලු කුමාර්, වරුණ ලියනගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ, සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරිම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |