දැදුරු ඔයේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

Report

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, මේ වන විට තත්පරයකට ඝන අඩි 16,500ක වේගයකින් ජලය දැදුරු ඔයට මුදාහරින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී මුදාහරින ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සිදුවිය හැකි බව ද සඳහන් කර ඇත.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය අද සිට යළි ආරම්භ කිරීමට පියවර

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය අද සිට යළි ආරම්භ කිරීමට පියවර

ප්‍රදේශ කිහිපයකට අවදානම් නිවේදනයක්

පවතින තත්ත්වය හමුවේ දැදුරු ඔය ද්‍රෝණියට අයත් ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතී.

ඒ අනුව වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස අනතුරු අඟවා තිබේ.

ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් ද පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

එමෙන්ම ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ව සූදානම් සහ ආරක්ෂක පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කර තිබේ.

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් - මේ දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 10 තෙක් - ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුවෙන්න

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් - මේ දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 10 තෙක් - ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුවෙන්න