ඉන්දියාවෙන් ලංකාවට පහසු ඉලක්කයක්..අද තරඟයේ සිදුවු දේ..

Report

Update -;

ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 137ක් රැස් කළේය.

තරගය ජයගැනීමට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 138කි. ඉන්දියාව වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 39ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.

සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ට එක්වූ චමිදු වික්‍රමසිංහ සිය පන්දු ඕවර 4දී ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

ඉන්දියාවෙන් ලංකාවට පහසු ඉලක්කයක්..අද තරඟයේ සිදුවු දේ.. | Sri Lanka One Day Tournament Team

........................................................

update -;

මේ වන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර හයක් තුළදී කඩුලු හතරක් දැවී ලකුණු 31ක් රැස්කරගෙන තිබෙනවා.

..........................................................

අද (30) පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 3න් වැනි සහ අවසාන 20යි 20 තරගය පැවැත්වෙයි.

වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය රාත්‍රී 8 දක්වා කල් දැමීමට තරග විනිසුරුවන් තීරණය කළේය.

කාසියේ වාසිය උරගා බැලීම රාත්‍රී 7.40ට පමණ සිදුකළ අතර එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටයි,ඒ අනුව ඔහු තීරණය කළේ.මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකර තිබේ.

ඒ අනුව දසුන් ශානක වෙනුවට චමිඳු වික්‍රමසිංහ කැඳවීමට බලධාරීන් තීරණය කර තිබුණි. මෙය වික්‍රමසිංහ ගේ මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය වෙයි.

මේ අතර ඉන්දීය කණ්ඩායම හාර්තික් පාණ්ඩ්‍යා, අක්සාර් පටෙල්, අර්ෂ්ඩීප් සීං සහ රිෂාබ් පාන්ට් මෙම තරගයට නම්කර නැත.

මේ අතර, තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බවයි.

දෙරට අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2,4 සහ 7 වන දා යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ, ඝාතකයින්ට ලැබුණු දඬුවම්..

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ, ඝාතකයින්ට ලැබුණු දඬුවම්..

ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

චරිත් අසලංක (නායක) ,පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස් ,ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක ,වනිඳු හසරංග ,දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ ,අකිල ධනංජය, දිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ ,අසිත ප්‍රනාන්දු.

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery