ප්‍රතිත්‍රස්ත පනත ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් - නීතිඥවරුන් හරහා අධ්‍යයනයක් [VIDEO]

Report

ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවත්, එහි පවතින අඩුපාඩු පිළිබඳව නීතිඥවරුන් මාර්ගයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (11) සිකුරාදා ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. එහිදී අධ්‍යාපනයේ සැබෑ අරමුණ පිළිබඳවද අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ මෙසේ පැවසූහ.

"පරිපූර්ණ අධ්‍යාපනයක් කියලා කියන්නේ පොතෙන් පතෙන් ලබාගන්න අධ්‍යාපනයකට වඩා ජීවිතයට ලැබිය යුතු යම් ආකාරයක අධ්‍යාත්මික ශක්තියක්. ඒක ලබාගන්නට දරුවන්ට උදව් කිරීම. අධ්‍යාපන ක්‍රමය කියන්නේ මනුස්සයෙක්ව තවත් වඩාත් හොඳ මනුස්සයෙක් කිරීමනේ. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම පාසල් පද්ධතියෙන් ලබා දෙන්නට උත්සාහ කරන්න. නිකන්ම නිකන් පොතකින් උගන්නන එක එහෙම නැත්නම් පර්යේෂණාගාරයක උගන්නන එකට වඩා චරිතය ජීවිතයට ශක්තිය ලබාදීම. හරි දේ කරන්නට දරුවන් පුහුණු කිරීම, විනයානුකූල පැවැත්මක් ඇති කරගෙන සමාජයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ලබාදීම තමයි අපි කරන්නට ඕනේ. දරුවන්ට තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ලබාගන්නට ධෛර්යමත් කිරීම තමයි අධ්‍යාපනයෙන් කරන්නට ඕනේ. ප්‍රතිත්‍රස්ත පනත ඇවිල්ලා කලින් තිබුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගේනවා කියලා කියන එකක්නේ. ඉතින් අපි මේ පනත දැන් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා සමාජයට. අපි දැන් ඒක අධ්‍යයනය කරමින් තමයි සිටින්නේ. මොකද අපි අපේ නීතිඥයන් මාර්ගයෙන් මේ පනතේ අඩුපාඩු තියෙනවද, අර ඒවාද මේවාද කියලා අපි බලනවා. ඒක තමයි දැන් මේ දවස්වල කරන්නේ."

ආනයන අපනයන ක්ෂේත්‍රයේ නියුතු අයට අලුත් ආරංචියක් - කඩදාසි ලිපිගොනු වෙනුවට ඩිජිටල් ක්‍රමයක්

ආනයන අපනයන ක්ෂේත්‍රයේ නියුතු අයට අලුත් ආරංචියක් - කඩදාසි ලිපිගොනු වෙනුවට ඩිජිටල් ක්‍රමයක්

නොවැම්බර් 09 මේ ප්‍රදේශවල ඉන්න හෝටල් සේවකයින් සඳහා විශේෂ වැඩසටහනක්

නොවැම්බර් 09 මේ ප්‍රදේශවල ඉන්න හෝටල් සේවකයින් සඳහා විශේෂ වැඩසටහනක්