ශිෂ්‍යත්ව විභාගය ගැන දරුවන්ගෙන් සහ මව්පියන්ගෙන් චෝදනාවක්

examination trending news gagana news today news Sri lanka sinhala news
By krishani Jan 23, 2022 04:16 AM GMT
krishani

krishani

Report

නාගොඩ රාජකිය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකදි පහ වසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටි සිසුදරු දැරියන්ට විනාඩි 05ක් ප්‍රමාද වි ප්‍රශ්න පත්‍රය ලබා දි විනාඩි 15 කට කලින් නැවත ප්‍රශ්න පත්‍ර එකතු කිරිම සම්බන්දයෙන් මව්පියන් හා දරුවන් කරන චෝදනාව සම්බන්දයෙන් විභාග දේපාර්තමෙන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

තමන් මේ පිළිබද විභාග මධ්‍යස්ථානයේ සිටි ශාලධිපතිවරු දෙදෙනාගෙන් විමසිමක් කළ බවත් එවැනි සිදුවිමක් සිදුනොවු බවට ශාලාධිපතිවරුන් දෙදෙනා තමන්ට ප්‍රකාශ කළ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

නියමිත වෙලාවලට ප්‍රශ්න පත්‍රය ලබාදි පිළිතුරු පත්‍ර නියමිත වෙලාවට එකතු කරගත් බවට ශලාධිපතිවරුන් දෙදෙනා ප්‍රකාශ කළ බවත් මේ සම්බන්දයෙන් විභාගයට පෙනි සිටි දරුවන් මව්පියන් කරණු ලබන චෝදනාව සම්බන්දයෙන් පරික්ෂණයක් සිදුකරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඒ සමග මව්පියන් පිරිසක් හා ගුරුවරුන් අතර වචන හුවමාරුවක්ද ඇතිවි තිබේ.

මේ පිළිබද මෙකි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් නාගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha