විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවයක් තාවකාලිකව අත්හිටුවයි

sri lanka Suspended department of examination Sinhala news gagana news today trending news
By krishani Jan 22, 2022 04:13 AM GMT
krishani

krishani

Report

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන සඳුදා සිට තාවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

එමෙන්ම සහතික පත් අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපැල් මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම හේතුවෙන් මෙලෙස එක්දින සහතික පත් නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha