පාලන මිලෙන් ගිලිහි ගිය සහල් මිල අහසට නගී

economy trending news gagana news today news sri lanka sinhala news rice prices
By krishani Jan 20, 2022 10:24 AM GMT
krishani

krishani

Report

සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමඟ වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

ඒ අනුව සාමාන්‍ය වෙළෙඳසල් වල රතුකැකුළු සහල් කිලෝවක් රුපියල් 160 ත් 180 ත් අතරත්, නාඩු සහල් රුපියල් 170 ත් 190 ත් අතරත්, සම්බා සහල් රුපියල් 230 ත් 260 ත් අතර වූ විවිධ මිල ගණන්වලට අලෙවිවෙමින් ඇත.

සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය තීරණය කළ නිසා ඇතැම් වෙළෙඳුන් සිතූ සිතූ මිලට සහල් අලෙවි කිරීම නිසා තමන් මහත් අපහසුතාවයකට ලක්ව ඇතැයි පාරිභෝගික ජනතාව මැසිවිලි නඟති.

මේ අතර දෛනික මහ බැංකු වාර්තාවන්ට අනුව පෙරේදා (18) පිටකොටුව තොග වෙළෙඳපොළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 165කට, නාඩු සහල් රුපියල් 148කට, සුදු කැකුළු රුපියල් 157කට සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 161කට අලෙවි වී තිබේ.

එම තොග වෙළෙඳසල්වල ආනයනික පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 126කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 120කටත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 122කටත් අලෙවි වී ඇත.

තොග වෙළෙඳපොළෙ හී ඉකුත් සතියට සාපේක්ෂව සෑම කිලෝවකම මිල රුපියල් පහට වඩා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now