නිරෝගි දරුවන්ට බූස්ටර් ඕන නෑ

world news Booster vaccine trending news gagana news sri lanka sinhala news Healthy children
By krishani Jan 20, 2022 09:41 AM GMT
krishani

krishani

Report

පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘බූස්ටර්’ එන්නත් ලබා දීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.

ස්වාමිනාදන් මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අතරතුරේය.

පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට තෙවැනි එන්නත් මාත්‍රාවක් එසේත් නැතිනම් ‘බූස්ටර්’ එන්නතක් අවශ්‍යදැයි මාධ්‍යවේදීන් විමසද්දී විද්‍යාඥවරිය පැහැදිලි කළේ දැනට එසේ අවශ්‍යතාවක් නොමැති බවය.

වැඩිහිටියන් සඳහා බූස්ටර් එන්නත් ලබා දීම අවශ්‍ය බවත්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය නිසා රෝහල්ගතවීම සහ මරණයට පත් වීම ඒ අනුව අවම වන බව ද සෞම්‍යා ස්වාමිනාදන් වැඩි දුරටත් පවසා ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now