අයිස් පොවා තරුණියන් දූෂණය කළැයි කියන ඒජන්සිකරු අල්ලයි

arrested Sinhala news gagana news sri lankan news today news Trending news
By krishani Jan 19, 2022 09:30 AM GMT
krishani

krishani

Report

මහනුවර ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකු අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම එජන්සියේ රැදී සිටි තරුණියන් සිව් දෙනෙකු හා තරුණයන් තිදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

රැකියා ඒජන්සිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලි ග්‍රෑම් 500 ක්ද පොලිස්බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිසද මතට ඇබ්බැහිවුවන් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට පත්වූවෝ අවුරුදු 21,22,23 යන වයස් කාණ්ඩ වලට අයත් එම පිරිසකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now