එළඹෙන අලුත් අවුරුදු සමය ගැන නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ජනතාවට වැදගත් විශේෂ ප්‍රකාශයක් !

police special announcement gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 28, 2022 01:31 AM GMT
krishani

krishani

Report

සිංහල අලුත් අවුරුදු කාලයේදී තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා සිටියි.

අපරාධකරුවන් එම තොරතුරු ලබාගෙන එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමේ ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.

සමාජ ජාලවන්ට එවන් තොරතුරු එක් කිරීම අපරාධයක වින්දිතයින් බවට පත්වීමට හැකියාවක් ඇති තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

එනිසා ඒ සම්බන්ධව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now