විශ්‍රාමික හමුදා මේජර් ඝාතනය කළ මත්ලෝලී පොල් කඩන්නා - ඔහුගේ බිරිඳගෙ කටට රෙදි පාන්කඩ ඔබා අත් පා බැඳ මරණ තර්ජණත් කරලා !

Crime sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 21, 2022 02:56 AM GMT
krishani

krishani

Report

මාලඹේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රෝගීව ඇඳ මත වැතිර සිටී විශ්‍රාමික හමුදා මේජර්වරයෙකුගේ කටට පාංකඩ ඔබා ඝාතනයකර ඔහු සහ ඔහුගේ බිරිඳ පැළඳ සිටි රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය සහ දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් ප්‍රධාන සැකකරු පොල් කඩන්නෙකි. ඔහු සහ ඔහුගේ සගයා අද (20) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මාලබේ තලාහේන සිසිල පුර පදිංචිව සිටි ජයරත්න බණ්ඩාර නමැති 81 හැවිරිදි විශ්‍රාමික මේජර් වරයෙකි.

කොල්ල කා තිබූ රන් මාලයක්, අත් පළඳනාවක්, මුදු තුනක් සහ කරාබු දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉකුත් 16 වැනි දින අලුයම පහට පමණ තාප්පය මතින් පැන නිවසේ මුළුතැන්ගෙයි අසලට පැමිණ සැඟව සිටි සැකකරුවන් දෙදෙනා විශ්‍රාමික මේජර්වරයාගේ බිරිඳ මුළුතැන්ගෙයි දොර අරිනවාත් සමගම කඩාවැදී ඇයව කාමරයකට දමා අත් පා බැඳ කටට රෙදි පාංකඩ ඔබා මරණීය තර්ජනය කර මෙම කොල්ලය සිදුකර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

එම අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව පැළඳ සිටි කරාබු යුගලය, අත් පළඳනාව මුදුවක් සහ රන්මාලය සැකකරුවන් විසින් කොල්ල කා තිබූ බව පොලිසිය සඳහන් කරයි. අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා යාබද කාමරයේ රෝගීව ඇඳ මත සිටි විශ්‍රාමික මේජර්වරයාවරයාගේ කටට ද පෙර ආකාරයේම පාංකඩ ඔබා අත් දෙක උඩටකර ගැට ගසා අත පැළඳි තිබූ රන් මුදු දෙකක් කොල්ල කා ඉදිරිපස දොරින් පිටවී තිබූ බව සීසීටීවී දර්ශන අනුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර කරන ලද කොල්ල කෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරමින් සිටියදී ඇති වූ සැකයක් මත ඝාතනයට ලක්වූ මේ ලක්වූ මේජර්වරයාගේ නිවස පිහිටි වත්තට කලක සිට පොල් කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙක් කෙරෙයි ඇති වූ සැකයක් අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශන සිදුකළ බව පොලිසිය කියයි.

අදාළ නිවසින් එදින අලුයම පුද්ගලයන් දෙදෙනකු පිටවන අයුරු CCTV කැමරාවක සටහන් වු දර්ශන පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී කොල්ලයෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා බත්තරමුල්ල තෙක් ගමන් ගත් මාර්ගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලීසියට ලද තොරතුරක් අනුව පොල් කඩන්නා වැලිකඩ සයුරු පුර නිවාස සංකීර්ණයේ ස්ථිර පදිංචිකරුවෙකු බවට අනාවරණය කර ගැනීමට හැකි වුවත් එම පුද්ගලයා එම නිවසේ පදිංචි නැති බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

අදාළ සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස දෙමටගොඩ බේස්ලයින් 20, ප්‍රදේශයෙන් නිවසක සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වටලා ඝාතනය සිදුකළ පොල් කඩන්නා සහ සගයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රන් භාන්ඩවලින් කොටසක් උකස් කර තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා තදින්ම මත් කුඩු වලට ඇබ්බැහි වූවන් ය. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now