වාසු, විමල් හා ගම්මන්පිල විශේෂ තීරණයක් ගනී !

sri lanka politics politician gagana news Sri lanka sinhala news special decision
By krishani Mar 20, 2022 01:46 AM GMT
krishani

krishani

Report

අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ලබන 23 වනදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමක් අනුව, මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

කෙසේ වෙතත්, එම සමුළුවට අමාත්‍ය වාසුදේව නානායක්කාර හා හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ පක්ෂ වල යෝජනා සහ නිර්දේශ පක්ෂ එකොලහ නියෝජනය කරන නියෝජිතයන් හරහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, අදාළ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහභාගි වන බව ද වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now