දේශීය පළතුරු මිල අඩු වෙලා ද නැත්තම් වැඩි වෙලා ද..? - ඉදිරියේ දී වෙන අලුත්ම වැඩේ මෙන්න !

sri lanka gagana news Sri lanka sinhala news today trending news sri lankan fruits prices
By krishani Mar 18, 2022 07:37 AM GMT
krishani

krishani

Report

ඉදිරි අලුත් අවුරුදු සමයේදී දේශීය පළතුරු මිලද ඉහළ යාමේ අවදානමක් ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය අනතුරු අඟවනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ එළවළු පරිභෝජනය ද මෙම සමයේ ඉහළ යාම හේතුවෙන් එළවළු මිලද ඉහළ යා හැකි බවයි.

වී මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ යාමේ අවදානමක් ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පළතුරු ඇතුළු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය ඊයේ(18) තීරණය කළා. ඒ අතරට මිදි, ඇපල්, දොඩම් සහ සෙසු ආනයනික පළතුරු ද වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now