පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන් ගැන කරන්න යන අලුත්ම වැඩේ !

sri lanka gagana news Sri lanka sinhala news today trending news news decision Private Higher Education Institutions
By krishani Mar 17, 2022 03:46 AM GMT
krishani

krishani

Report

මෙරට ක්‍රියාත්මක වන පුද්ගලික උසස් අධයාපන ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට යටත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල පනතට සංශෝධන ගෙන ඒමට දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කළ විමසීමකදී පැවසුවේ.

කෙසේවෙතත් ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ. විදේශීය විශ්වවිද්‍යාල මඟින් ලබාදෙන උපාධි පාඨමාලා හැදෑරිය හැකි උසස් අධ්‍යාපන ආයතනවලට අදාළ කටයුතු දැනට සිදුවන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි.

කෙසේවෙතත් ඇතැම් උසස් අධ්‍යාපන ආයතනන සිසුන්ගෙන් අධික ලෙස මුදල් අයකරන බවට සහ ඇතැම් ආයතන මුදල් වංචා කර ඇති බවට ද පැමිණිලි ලැබී තිබෙනවා.

පුද්ගලික උසස් අධයාපන ආයතන අධීක්ෂණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගැනීමට අවධානය යොමුව ඇත්තේ එම තත්ත්වයටන් සැලකිල්ලට ගෙනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now