ගෑස් නෑ-තෙල් නෑ-කරන්ට් නෑ...ආසියාවෙන් ලංකාවට වාර්තාගත ඉහළතම වාර්තාවක්..?(VIDEO)
මේ වනවිට මෙරට උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
උද්ධමනය ලෙස සලකනු ලබන්නේ සලකා බලන කාල පරාසයක් තුළ භාණ්ඩ සහ සේවාවන් හි මිල ඉහළ යාමයි.
එය යම් රටක සමස්ත ජීවන වියදමේ ඉහළ යාම පිළිබිඹු කෙරෙන දර්ශකයක් ද වනවා. 2021 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසය වනවිට මෙරට උද්ධමනය ද්විත්ව අගයක් සටහන් කළා. 2021 වසරේ ජනවාරි මාසයේ සියයට 3.0ක් ලෙස සටහන් වූ මෙරට උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසය වන විට දැක්වුණේ සියයට 12.1ක් ලෙසයි.
2022 වසරේ ආරම්භයේදී සියයට 14.2ක් ලෙස මෙරට උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ විශාලම උද්ධමනය සහිත රට බවට පත්ව තිබෙනවා.
මෙරට ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1 සිට 2022 ජනවාරි මාසය වනවිට සියයට 25ක් දක්වා ඉහළ ගියා.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2022 ජනවාරි දක්වා කාලය තුල සියයට 7.5 සිට සියයට 9.2ක් දක්වා ඉහළ යෑම ද විශේෂත්වයක්.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව 2022 වසරේ මාර්තු මාසය වන විට මෙරට උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසියාතික රටවල් අතුරින් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය, සිංගප්පූරුව සහ චීනය ඇතුලු සහ අනෙක් රටවල උද්ධමන වේගය අභිබවා ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ඉහළ ගොස් තිබුණා.
විඩියෝ දර්ශන - Hiru news
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |