ලංකාවේ බලාගාර බර ගානකට වෙලා තියෙන නස්පැත්තිය !
බලශක්ති අර්බුදය කියන්නේ කුඩා කාලයේ ගද්‍ය රචනාවලට භාවිතා කරපු මාතෘකාවක් වුණත් සැබෑ අර්බුදයට මේ වෙනකොට ජනතාව ප්‍රායෝගිකව මුහුණ පාමින් ඉන්නවා.
විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාරවලින් ක්‍රියාත්මක වෙන්නේ සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යන බලගාර දෙක පමණයි.
මේ වන විට විදුලි බලාගාර 08ක් නවතා දැමීමට සිදුවී තිබෙනවා.
විදුලි බල මණ්ඩලය පවසන ආකාරයට අද(02) දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1,036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 ක් පමණයි.
නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බව ද විදුලි බල මණ්ඩලය පවසනවා.
අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2,640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බවත් ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |