මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවේ..?
ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ සියලුම පාසල් දරුවන්ට මුව ආවරණ පැළඳීම පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍යයේ රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් සඳහන් කළේ, නිව් යෝර්ක් ප්‍රාන්තය පාසල් සහ ළමා ආරක්ෂණ පහසුකම් සඳහා වන මුව ආවරණ පැළඳීමේ නීතිය එළඹෙන බදාදා එනම්, මාර්තු 02 වැනි දින සිට ක්‍රියාත්මක පරිදි අත්හිටවන බවයි.
නිව්යෝර්ක් ආණ්ඩුකාර කැතී හොචුල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ දැඩි පහත වැටීමක් මේ වනවිට සෞඛ්‍ය අංශ මගින් වාර්තා කර ඇති බැවින්, මෙම තීන්දුව ගෙන ඇති බවයි.
ඇය ප්‍රකාශ කළේ, "මෙවන් තීරණයක් ගැනීම අතිශය අසීරු දෙයක්. ඒත් ශිෂ්‍යයින්, අධ්‍යාපනඥයින් මෙන්ම සියලුම දෙමාපියන් මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට කටයුතු කළා.ඒ නිසා අද වෛරසය මර්දනය කරගෙන නිදහසේ ජීවත් වීමට අපට හැකිවෙලා තියෙනවා.
ඒ ඔබ සියලුදෙනාගේම වගකීම්සහගත හැසීරීම හේතුවෙන්. මේක මහන්සි වී වැඩ කිරීම නිසා උද් යෝගීමත් සන්ධිස්ථානයකට අපි සැවොම පැමිණ සිටිනවා..'' ("We've reached this exciting milestone because of your hard work") යනුවෙන් ඇය සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා. ඒ අනුව මුව ආවරණ සම්බන්ධයෙන් ලිහිල්භාවයක් ඇති කෙරුණු අතර, සිකුරාදා (04) දිනයේදී කොවිඩ් වෛරසය තවදුරටත් මර්දනය සඳහා අවශ්‍ය කරන නව වෛරස පාලන මාර්ගෝපදේශ මාලාවක් එක්සත් ජනපදය විසින් නිකුත් කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |