විවාහ මංගල්‍යයේ පෝරුවේදි මනමාලයා මනමාලිගෙ අම්මට රෙද්දක් දෙන්නෙ ඇයි කියලා ඔබ දැනගෙන හිටියද...? - කිරිකඩහේලයේ වගතුග

sri lanka article gagana news Sri lanka sinhala news today trending news Kirikada selaya
By krishani Feb 26, 2022 02:44 AM GMT
krishani

krishani

Report

විවාහ මංගල්‍යය උත්සවයට සහභාගි වී ඒ දෙස ඇස් යොමා බලා සිටියත් ඔබ දැනගෙන සිටියා ද කිරිකඩහේලය මනමාලයා විසින් මනාලියගෙ මවට ලබා දෙන්නෙ ඇයි කියලා.

"...උඹ දුවව ගෙනියනවා නම් ඒකි බීපු කිරිවල ණය මට ගෙවපන්..." මේ චාරිත්‍රය ලංකාවට එන්නෙ අල්ලපු රටෙන්. ඉන්දියාවෙන්.

ඉන්දියාවේ බමුණු සමාජයෙන්. මේ චාරිත්‍රය අපි කිරිකඩහේලය පිදීම කියලා හඳුන්වනවා. චාරිත්‍රයේදි සිද්ධ වෙන්නෙ පෝරුවේදි මනමාලයා විසින් මනමාලියගෙ අම්මට රෙදි කඩක්, එහෙමත් නැත්නම් රෙදි පොට්ටනියක් බුලත් හෙප්පුවක තියලා දෙනවා.

ඊටපස්සෙ අම්මා ඒක ඔලුව උඩ තියාගෙන පෝරුවෙන් පිටමං වෙනවා. මේ කිරිකඩහේලයේ උපත් කතාව අපූරු එකක්.

දඹදිව "මක්කාක" රජු රට කරන සමයේ එවකට පුරෝහිතකම් කරලා තියෙන්නෙ "සුභ්‍රහම්" කියලා කෙනෙක්. සුභ්‍රහම්ගෙ බිරිඳ මාලනී. මේ ජෝඩුවට ඉඳලා තියෙනවා සෝමසීලී කියලා දුවක්. මේ මාලනී කියන බැමිණි, තමන්ගෙ දුවව කසාද බඳින්න ආපු හාදයාට ඒ තරම් මනාපයක් තිබිලා නෑ. ඉතින් මේ උද්ධච්ච ගෑනු මනුස්සයා මගුල් වෙලාවෙදි බෑණාට රිද්දන්න හිතාගෙන පිරිවර ඉස්සරා කෑගහලා කියලා තියෙනවා,

"...උඹ දුවව ගෙනියනවා නම් ඒකි බීපුකිරිවල ණය මට ගෙවපන්..." කියලා. ඔය වෙලාවේ එතන හිටපු පණ්ඩිත බමුණෙක් අම්මගෙන් බීපු කිරි වල ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ කියලා කියලා තියෙනවා.

ඒත් දළ මිනුමක් වශයෙන් කුඩා දරුවෙක් මවකගෙන් බොන කිරි ප්‍රමාණයෙන් රෙදි කච්චියක් ඒ කියන්නෙ රෙදි රියන් විස්සක් පොඟවන්න පුළුවන් කියන එක සංකේතවත් කරලා මේ බෑණා තමන්ගේ නැන්දම්මා ට රෙදි කච්චියක් දීලා තමයි සෝමසීලි ව අරගෙන ගිහින් තියෙන්නේ.

සාමාන්‍ය සිරිතක් විදිහට මේ කිරිකඩ හේලය අම්මා විසින් ඉතාම සුරක්ෂිතව තැන්පත් කරලා අරගෙන තියාගන්නවා.

ඊට පස්සෙ තමන්ගෙ දුව පලවෙනි දරු ප්‍රසූතියට නිවසට ආවාම එයාට ආපහු ඒක පරිත්‍යාග කරනවා. ඉන් පස්සේ දුව තමන්ගෙ තමන්ගේ පළවෙනි දරුවාට පාවිච්චි කරන්න නැපි මහගන්නෙ ඒකෙන්. ඒත් අද වෙනකොට නං ඔය චාරිත්‍ර හුඟක් ඇත්තෙන්ම මොකටද කරන්නේ කියන එක ගැන හුඟක් අයට අවබෝධයක් නැහැ.

ඉතින් ඒ නිසා ඒ ගොල්ලො කරන්නෙ අම්මට සාරියක් තෑගි දීලා බබාලට කඩෙන් ගන්න diapers, pampers අන්දවන එක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now