ලංකා ඉතිහාසයේ ලොකුම කුඩු දේපොළ වටලයි ! අදහාගත නොහැකි දේපළ රාශියක් ඒ අතර

sri lanka Arrested drugs gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 25, 2022 01:07 AM GMT
krishani

krishani

Report

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මෑත කාලෙයේ කුඩු ජාවාරම්කරුවකුගේ දේපල සම්බන්ධයෙක් කළ විශාලතම වැටලීම ඊයේ(24) උදෑසන සිදු කර තිබේ.

දෙමටගොඩ වසන්තගේ බිරියගේ නමට තිබුණු මේ දේපලවල වටිනාකම කෝටි 32කට ආසන්න බව කියවේ.

මීගමුව පිටිපන මූහුදු තීරයට මූණ ලා තිබුණු පර්චස් 100ක ඉඩමක් හා එහි ඉදි කර තිබුණු හෝටලයක් මේ දේපල අතර වේ.

අවුරුදු 2ක් තිස්සේ පෞද්ගලික ආරක්ෂක සමාගමකින් ලබා ගත් මුරකරුවකු ගේ ආරක්ෂාව යටතේ මෙම විලා වර්ගයේ හෝටලය තිබී ඇති අතර වැටලීම කරන අවස්ථාව වන විට එහි පිහිනුම් තටාකයක් ඉදිකිරීමට අවශය කැනීම්ද කර තිබුණි.

මේ වන විට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පොලිස් විශේෂ කාර්යබලකාය හා පොලිස් සුනඛ අංශයේ සහයෙන් මුලු භූමියම විශේස පරීක්ෂාවකට ලක්කරමින් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now