මෛත්‍රීට-නිලන්ත ජයවර්ධනට එරෙහිව කතෝලික සභාවෙන් විශේෂ නිවේදනයක් !

Special announcement gagana news Sri lanka sinhala news today trending news Pasku Sunday bomb
By krishani Feb 21, 2022 02:31 AM GMT
krishani

krishani

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත්ව නඩුවක් ගොනු කරන ලෙස කතෝලික සභාව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ද එහි චූදිතයන් ලෙස නම් කරන ලෙස කතෝලික සභාව එම ලිපිය මගීන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ප්‍රහාරය පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව සිය නිවේදනයේ කරුණු රැසක් සඳහන් කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වන නිසා එම චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි නීති විශේෂඥයින් පෙන්වා දෙන බව පැවසෙන මාධ්‍ය වාර්තා සංසරණය වෙමින් පැවති බව එම නිවේදනයේ සඳහන් වේ.

අපරාධ නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති සියලු නිලධාරින් සම්පුර්ණයෙන් මුදා හැරීමක් සිදුවනු ඇතැයි කතෝලික සභාව තුළ කනස්සලක් උද්ගතව ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now