වසර තුනකට පෙර අතුරුදන් වූ දැරියක සොයා කළ අදහාගත නොහැකි මෙහෙයුම !

world news gagana news Sri lanka sinhala news today trending news search operation
By krishani Feb 18, 2022 05:01 AM GMT
krishani

krishani

Report

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ 2019 වසරේදී අතුරුදන් වූ එවකට වයස අවුරුදු හතරක් වූ ගැහැනු දරුවකු නිවසක තරප්පු පේළියක් යට තිබූ රහසිගත කාමරයක සිටියදී නිරුපද්‍රිතව සොයා ගත් බව නිව්යෝක් පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.

පේස්ලි ෂුල්ටිස් නම් වූ මෙම දැරිය සවුගර්ටිස් ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී සොයාගෙන ඇති අතර ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඇයගේ නීත්‍යානුකූල භාරකරු සහ වැඩිමල් සොයුරිය හා නැවත එක් වූ බව පොලිසිය කියයි.

පේස්ලි 2019 වසරේ ජුලි මාසයේදී නිව්යෝක් නගරයේ ‘යෝගා ප්‍රදේශයේදී අතුරුදන් වී තිබූ අතර පොලිසිය එවකට සැක කර සිටියේ ඇයගේ දෙමවුපියන් වන කිම්බර්ලි කුපර් හා කර්ක් ෂුල්ටිස් විසින් දැරිය පැහැරගන්නට ඇති බවයි.

දැරිය නිවසක ඇති රහසිගත කාමරයක සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් සවුගර්ටිස් ප්‍රදේශයේ පිහිටි දැරියගේ සීයාගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී දැරියව සොයා ගෙන ඇති අතර ඇය සමග කුපර් නමැති කාන්තාවක්ද එම කාමරයේ සැඟව සිට ඇත.

නිවසෙහි හිමිකරු පවසා ඇත්තේ තමන් දැරිය එහි සිටි බව දැන නොසිටි බවයි. දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ පියා, සීයා හා කුපර් නමැත්තිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර පියා හා සීයා පසුව නිදහස් කර තිබේ. සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now