ගුරුවරු නැවතත් පාරට බහීවත් ද ? ලංකා ගුරු සංගමයෙන් නැවතත් අනතුරු හැඟවීමක් !

sri lanka gagana news Sri lanka sinhala news today trending news ceylon teachers' union
By krishani Feb 15, 2022 04:27 AM GMT
krishani

krishani

Report

අපොස උසස් පෙළ විභාගයේ පරිපාලන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන්ගේ දීමනා බරපතල ලෙස කප්පාදුකර කිරීමට විරෝධය පළකරන බවත් වගකිවයුතු ගුණාත්මක ඇගයීම් සේවාවක් පවත්වාගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්නොකරන්නේ නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු සංගම් ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

අපොස උසස් පෙළ විභාගයේ පරිපාලන රාජකාරිවල නිරතව සිටින ශාලාධිපති, සහකාර ශාලාධිපති සහ නිරීක්‍ෂක ඇතුළු කාර්යමණ්ඩලවලට අවම වශයෙන් මෙතෙක් ගෙවූ දීමනාව හෝ මෙවර ද ගෙවීමට පියවර ගතයුතු බව කියන ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘කොවිඩ්’ වසංගතය හමුවේ පෞද්ගලික ආරක්‍ෂාව පිළිබඳව අවදානමක් තිබියදී ගුරු ක්ෂේත්‍රයේ නිලධාරීන් විභාග රාජකාරිවල කටයුතු කරන බව ද සඳහන් කරයි.

විභාග රාජකාරිවල නිතර වූ ගුරු ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ දීමනා පසුගිය වසරේ ද බරපතල ලෙස කප්පාදු කර තිබූ බව කියන ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙවර ද එය ඒ ආකාරයෙන්ම සිදුවුවහොත් ජාතික ඇගයීම් සේවාව අභාග්‍ය සම්පන්න තත්වයකට පත්විය හැකි බවට අනතුරු හඟවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now