උසාවි නියෝග මැද අදත් සෞඛ්‍ය සේවය වර්ජනයේ ! වර්ජකයන්ගෙන් අමුතු කතාවක් ! ඉදිරියේ දි කුමක් සිදුවිය හැකි ද ?

sri lanka strike gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 11, 2022 08:49 AM GMT
krishani

krishani

Report

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව ඉල්ලීම් හතක් මුල් කර ගනිමින්, හෙද,පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් දීප ව්‍යාප්තව අරඹා ඇති වැඩ වර්ජනය, අද(11) පස්වන දිනටත් කි‍්‍රයාත්මක වේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති අරඹා ඇති වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ දිනයේ දී වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ නමුත් අද දිනයේත් වර්ජනය සිදුවන බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

ඊයේ අධිකරණය මගින් නිකුත් කළ බව පැවසෙන වාරණ නියෝගය මෙතෙක් තමන්ට හෝ තම සංගමයට ලැබී නැති බවද ඔහු පවසයි.

එමෙන්ම, නීත්‍යනුකූලව අරඹා ඇති වැඩ වර්ජනයක් අත් හිටුවන ලෙසට අධිකරණය ඒක පාර්ශ්වීයව නියෝග කරනු ඇතැයි තමන් නොසිතන බවද ඔහු පවසයි.

වාරණ නියෝගය ලැබුණෝතින්, ඒ පිළිබදව නීතී උපදෙස් ලබා ඉදිරි කටයුතු කරන බවද ඔහු පැවසී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now