කවුද අද මේ උසස් පෙළ විභාගය ලියූ විශේෂ තුන්දෙනා !

sri lanka gagana news Sri lanka sinhala news today trending AL examination
By krishani Feb 07, 2022 06:25 AM GMT
krishani

krishani

Report

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07 ) ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 43 ක හා 46 ක සිරකරුවන් දෙදෙනකු හා වයස අවුරුදු 38 ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු එලෙස විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් තිදෙනා විභාගයට පෙනී සිටීමට නියමිත බව ද ඒකනායක මහතා පැවසීය .

විවිධ චෝදනාවලට ලක් වී බන්ධනාගරගතව සිටින සිරසිරකරුවන් , සැකකරුවන්, පුනරුථාත්පන සංකල්පය සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් සහිත සිරසැකකරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු කරවමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ බවද හෙතෙම කීය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha