වායුගෝලය කැළඹීමෙන් තත්ත්වය දරුණු අතට - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(11) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුළ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව සඳහන්.
එසේම මෙම පද්ධතියේ බලපෑම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද අඳාළ නිවේදනයේ දැක්වේ.
තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.