ලංකාවෙ ණය පොලීය රතු කට්ටටම පනී.. සිදුවූ භයානක දේ මෙන්න..

Sri Lanka
By Aruna Jul 03, 2022 12:54 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව මේ වනවිට ලබා ගෙන ඇති ඩොලර් බිලියන 52 ක ණය මුදල් වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 7000 ක් පොලී ලෙස ගෙවීමට සිදුවීමෙන් රටේ ආර්ථික සහ ආහාර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි, සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂ පහකින් සැදුම්ලත් එම පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම වෙනුවෙන් ඊයේ (01 දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.

රටේ ආහාර, ගෑස්, ඖෂධ, ඉන්ධන ඇතුළු අංශ ගණනාවක අර්බුද පැවතියත් ඒවා සපයා ගැනීමට රටේ අවශ්‍ය තරම් මුදල් පවතින බව ද කී තිස්ස විතාරණ මහතා, රට මේ දක්වා ලබාගෙන ඇති ණය මුදල් හේතුවෙන් පවතින ඩොලර් අර්බුදය නිර්මාණය වී ඇතැයි ද පැවසීය.

මෙම ණය බරින් බේරීම සඳහා ලෝක බැංකුව ඇතුළු ණය දුන් මූල්‍ය ආයතන සමග සාකච්ඡා කර සහනදායී වැඩපිළිවෙළකට යොමු වන ලෙස සිය පක්ෂ පෙරමුණ රජයෙන් ඉල්ලා සිටින බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now