රාජ්‍ය අංශයේ දැවැන්ත පරිවර්තනයක්

Report

රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් "ආයතනික නියමු ජාලයක්" ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් මේ පිළිබඳව නිල වශයෙන් දැනුවත් කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් - දහයක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් - දහයක් රෝහලට

මෙම වැඩසටහන යටතේ තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වගකියනු ලබන නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරගත යුතුය.

මෙලෙස තෝරාගනු ලබන කණ්ඩායම තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව වැඩිදියුණු කිරීමට මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතුය.

පවතින සාම්ප්‍රදායික ලිපිගොනු ක්‍රමවේද වෙනුවට නවීන ඩිජිටල් තාක්ෂණය මුසු කරමින් රාජ්‍ය ආයතනවල ඵලදායීතාව ඉහළ නැංවීම මෙම නියමු ජාලයේ ප්‍රධාන වගකීමක් ලෙස හඳුන්වා දී ඇත.

මියගිය කපිල චන්ද්‍රසේනගේ දේහය පෞද්ගලික මල් ශාලාවකට රැගෙන යයි

මියගිය කපිල චන්ද්‍රසේනගේ දේහය පෞද්ගලික මල් ශාලාවකට රැගෙන යයි

ජනාධිපති කාර්යාලයේ සෘජු නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් රාජ්‍ය සේවය මහජනතාවට වඩාත් සමීප සහ විනිවිදභාවයකින් යුතු පද්ධතියක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරයි.