දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් - දහයක් රෝහලට

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත සහ කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේදී අද (මැයි 10) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් වහාම තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

අනතුර සිදුව ඇත්තේ පානදුර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ (CEB) සේවකයින් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් කරමින් තිබූ වැගන්ආර් (Wagon R) වර්ගයේ රථයක්, එම දිශාවටම ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙනි.

කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

ගැටීමේ ප්‍රබලතාව හේතුවෙන් ලොරි රථය ද මාර්ගය මැද පෙරළී ගොස් ඇති අතර අධිවේගී මාර්ගයේ එම කොටසේ ගමනාගමන කටයුතුවලට ද මින් බාධා එල්ල විය.

විදුලිබල මණ්ඩල සේවකයින් පිරිසක් සිය නිවාඩු දිනයේ විනෝද චාරිකාවක් සඳහා ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.

රියදුරුට නින්ද යාම හෝ අධික වේගය මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

සුළු මොහොතකට පෙර සුපිරි නළු විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

සුළු මොහොතකට පෙර සුපිරි නළු විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි