ශ්‍රී ලංකා පොලිසිය මගින් - භාෂා තුනම ආවරණය වන පරිදි - දුරකථන අංකයට අමතරව නිල වෙබ් අඩවියක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකයට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා 1818.gov.lk නිල වෙබ් අඩවිය ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
මහජනතාවට පහසුකම් සලසා ඇත්තේ “රටම එකට” ප්‍රධාන කාර්යාලයේ සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ආරක්ෂක අංශ වෙත සුරක්ෂිතව තොරතුරු ලබා දීමටයි.
රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි
ඒ අනුව දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඒ ආශ්රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු මෙමගින් ක්ෂණිකව දැනුම් දිය හැකියි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරෙන මෙම සේවාව මගින් තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන බවයි.