තිගැස්සෙන පුවතක් - අධිකරණ විනිසුරුවන් 70කට එරෙහිව චෝදනා
විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන්නේ අධිකරණ සේවය තුළ පුළුල් ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බවයි.
අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය වැඩි කිරීමට මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ගෙවීගිය දින 10ක කාලයේදී පමණක් විනිසුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇත.
ඒ අතර මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, මහියංගණය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ මහත්මිය, මඩකලපුව හිටපු මහේස්ත්‍රාත්වරයෙකු සහ පරිවාස කාලය අවසන් නොවූ නවක විනිසුරුවරුන් තිදෙනෙකු ද අයත් බව සදහන් වේ.
මීට අමතරව විනිසුරුවරුන් හැත්තෑවකට අධික ප්‍රමාණයකට විරුද්ධව පැමිණිලි කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒ පිලිබදව විමර්ශන සිදුවීමට නියමිත බවද වාර්තා වේ.
ඊට අමතරව විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ විමර්ශනශිලිව කටයුතු කරන බවත් ඒ සදහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කරන බවත් වාර්තා වේ.